Gossips

උතුරු කොරියාව ගැන ට්‍රම්ප්ගෙන් සහතිකයක්

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම්වල නිරත වන බවට පළ වන වාර්තා අසත්‍ය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරන බවට පාර්ශව කිහිපයකින් එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු දෙමින්.
මේ අතර, මාස 8ක කාලසීමාවක් තුළ උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකර නොමැති බවට ද ධවල මන්දිරය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.