Gossips

සාකච්ඡා බිඳ වැටේ – ගුරු වර්ජනය ස්ථිර බව වෘත්තිය සමිති කියයි

අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් සැළසුම් කළ පරිදි හෙට අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය දියත් කරන බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා සහ තවත් බලධාරීන් සමඟ පැවති මෙම සාකච්ඡාවේදී දේශපාලන පලිගැනීම් මුවාවෙන් අධ්‍යාපන සේවාවන්ට කරන පත්වීම් නතර කිරීම පිළිබඳව කිසිදු එකඟතාවකට නොපැමිණි බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
කෙසේ වෙතත් වෘත්තිය සමිති කුමක් ප්‍රකාශ කළද, යුක්තිගරුක සේවකයින් හෙට දිනයේදී සේවයට වාර්තා කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ.