Gossips

නිට්ටඹුවේ අනතුරකින් පාපැදිකරුවෙක් මරුට – අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි

නිට්ටඹුව ගෝනගස්දෙණිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුනා.
අප වාර්තාකරු සඳහන් කළේ අද (03) පස්වරු 3.30 ට පමණ අනතුර සිදුවු බවයි.
නිට්ටඹුව සිට නුවර දෙසට ගමන් ගත් පාපැදියක පිටුපසින් පැමිණි ටිපර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර පාපැදිකරු එම ස්ථානයේදීම මරණයට පත්ව තිබෙනවා.
මියගොස් ඇත්තේ නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර මෙම අනතුර අසල වෙළඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක පටිගත වී තිබුනා.