Gossips

උපතින්ම අතක් අහිමිව සිටි සිසුවියකට ජනපතිගෙන් කෘතිම අතක්

උපතින්ම අතක් අහිමිව සිටි දැරියකට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (03) කෘත්‍රිම අතක් ප්‍රදානය කරනු ලැබුවා.
සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන එන්.පී. විනීතා දමයන්ති ශිෂ්‍යාවට මෙම කෘත්‍රිම අත හිමිවූයේ පසුගිය වසරේ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුවයි.
පොළොන්නරුවල සිරිපුර පැවති උත්සවයකදී තමාට කෘත්‍රිම අතක් ලබාදෙන ලෙසට විනීතා දමයන්ති දැරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ පසුගිය දෙසැම්බර් මස 31 වනදායි.
ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව යුද හමුදාවේ මැදිහත් වීමෙන් නිෂ්පාදනය කෙරුණු මෙම කෘත්‍රිම අත විනීතා දමයන්තිට අද ප්‍රදානය කෙරුණේ ජනාධිපති කාර්යාලයේදියි.
මෙම අත නිෂ්පාදනය සඳහා රුපියල් ලක්ෂ 2 ක පමණ මුදලක් වැය වී ඇති අතර, ඒ සඳහා ප්‍රතිපාදන සපයා ඇත්තේ ජනාධිපති අරමුදල මඟින්.