Gossips

රාජ්‍ය ඇමතිනි විජයකලාගේ ප්‍රකාශය ගැන සොයාබලන ලෙස කථානායකවරයා නීතිපතිට දන්වයි

එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතිය උල්ලංඝනය වී ඇත්ද යන්න විමර්ශනය කොට අදාළ නීතිමය පියවර ගන්නා ලෙස කථානායක කරූ ජයසූරිය, නීතිපතිවරයාට දන්වා තිබෙනවා.
පක්ෂ – විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳ පියවර ගැනීමේ අවශ්‍යතාව පෙන්වාදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේ.