Gossips

ෆින්ච්ගෙන් 20 – 20 පිටියේ ලෝක වාර්තාවක්

ඕස්ට්‍රේලියාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් තරඟාවලියේ ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.
කාසිය වාසිය දිනූ සිම්බාබ්වේ නායක හැමිල්ටන් මැසකට්සා පළමුව පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියාවට ආරාධනා කළා.
ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු දෙකකට ලකුණු 229 ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කළ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඒරොන් ෆින්ච් පන්දු 76කදී ලකණු 172ක් රැස් කළේ පන්දුවාර 20 තරඟ ඉතිහාසයේ තරඟයකදී ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට නැවතත් හිමිකම් කියමින්.
ඔහුගේ ඉනිමට හයේ පහර 10ක් සහ හතරේ පහර 16ක් ඇතුළත්.
මීට පෙර 2013 වසරේදී ෆින්ච් විසින්ම එංගලන්ත කණ්ඩායම සමඟ පැවති පන්දුවාර 20 තරඟයකදී ලකුණු 156 රැස් කරමින් පන්දුවාර 20 තරඟයකදී ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවට හිමිකම් කීවා.