Gossips

කිලිනොච්චිය දිවියා ඝාතනයට අත්අඩංගුවට ගත් දස දෙනා යළි රිමාන්ඩ්

කිලිනොච්චිය – අම්බාල්කුලම් ප්‍රදේශයේදී පොලූ මුගුරුවලින් පහර දී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා අනිද්දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරුවන් අද කිලිනොච්චි මහේස්ත්‍රාත් එම්. ගනේෂරාජා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙකු පළමුව අත්අඩංගුවට ගත් අතර පසුව තවත් තුන් දෙනෙකු කිලිනොච්චිය පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.