Gossips

ක්‍රිකට් නිළවරණය මාස 6ක් තුළ පවත්වන්නැයි අයි.සී.සී. යෙන් දැනුම් දීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය මාස 6ක කාලයක් තුළ පවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ පාලක මණ්ඩලය ඊයේ දැනුම්දීමක් කර තිබෙනවා.
එහි 75 වන සමුළුව අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී පැවැති අතර, එහිදී පන්දුව පළුදු කිරීමේ සහ පෞද්ගලික අපහාස සම්බන්ධයෙන් ද දඩුවම් දැඩි කිරීමට තීරණය කර ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අයි.සී.සී. පාලක මණ්ඩලය කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝජිතයෙකුට එහි රැස්වීම්වලට සහභාගි විය හැකි බවයි.
කෙසේ නමුත්, නිළවරණය මාස 6ක් තුළ නොපැවැත්වුවහොත් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය යළි ඇගයීමට ලක් කිරීමට සිදුවනු ඇති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.