Gossips

දින 9කට පසු තායිලන්ත යොවුන් පාපන්දු පිළ හමුවේ

තායිලන්තයේ වන ගත ලෙනක් තුළ දින 9ක් තිස්සේ අතරමංව සිටි යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා ගැනීමට ජීවිතාරක්ෂකයන් ඊයේ සමත් වුණා.
මොවුන් සොයා ගැනීම සඳහා එක්ව සිටි බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් දෙදෙනෙකු චියන් රායි හි පිහිටි ලූවන් ලෙනෙහි සිර වූ ළමයින් මුලින්ම නිරීක්ෂණය කර ඇති අතර, ඔවුන් සියලු දෙනාම ජීවතුන් අතර සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඔවුන්ට ආහාර සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට දැන් පියවර ගැනෙනවා.
කෙසේ නමුත්, ජලයෙන් පිරී ඇති ලෙනෙහි එම ජලය ඉවත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් ඉවතට ගැනීමට හැකි වන්නේ.
වයස අවුරුදු 11ත්, 16ත් අතර මෙම ළමයින් ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සමඟ ලෙන තුළට ගොස් ඇත්තේ පසුගිය ජුනි 23 වන දායි.