Gossips

ඒකාබද්ධය අද විපක්ෂ නායකකම ඉල්ලයි

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් රැස්වීමට සහභාගි වූ 16යේ කණ්ඩායමට යළි නිදහස් පක්ෂයේ රැස්වීම් සඳහා සහභාගි විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16යේ කණ්ඩායම ඊයේ ප්‍රථම වරට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම සඳහා සහභාගි වුණා.
එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම, පසුගිය මැතිවරණ සමයේ එකිනෙකාට දැඩි ලෙස චෝදනා එල්ල කර ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ ඩිලාන් පෙරේරා මෙහිදී සුහද පිළිසඳරක නිරත වුණා.
මේ අතර, පාර්ලිමේන්තුවේ බහුතර විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ලෙස තමන්ට විපක්ෂ නායක ධුරය ලබාදෙන්නැයි කථානායකවරයාගෙන් අද දිනයේදී ලිඛිත ඉල්ලීමක් සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ මේ වන විට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 70 දක්වා ඉහළ යාම හමුවේ මෙම ඉල්ලීම සිදුකරන බවයි.