Gossips

බ්‍රසීලය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට බ්‍රසීලය අද සමත් වුණා.
ඒ මෙක්සිකෝව සමග පැවති දෙවන වටයේ තරගය ගෝල 2 – 0 ක් ලෙස ජය ගනිමින්.
තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට හැකි වුණේ නැහැ.
51 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් තරගයේ ග්‍රහණය බ්‍රසීල කණ්ඩායම වෙත පවරාගත් නේමාර් අවසන් මිනිත්තු කිහිපය තුළ තවත් ගෝලයක් සඳහා රොබර්ටෝ ෆර්මිනෝ වෙත පන්දුව යොමු කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය හැවුරු කළා.
බ්‍රසීලය ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට නොකඩවා සුදුසුකම් ලැබූ 7වන අවස්තාව මෙයයි.