Gossips

බ්‍රසීල ජාතිකයින් දෙදෙනාගෙන් තවත් කොකේන් ගුලි ඉවතට (ඡායාරූප)

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් බ්‍රසීල ජාතිකයන් දෙදෙනාගෙන් ඉවත් කර ගත් කොකේන් ගුලි සංඛ්‍යාව මේ වන විට 163 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒවායේ බර කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 950ක් වන අතර වටිනාකම රුපියල් හාරකෝටි අසූපන්ලක්ෂය ඉක්ම වන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
අවුරුදු 30 ක් සහ 24 ක් වයසැති මෙම බ්‍රසීල ජාතිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ගිල දැමූ කොකේන් ගුලි 91ක් මේ වන විට පිටතට ගෙන ඇති අතර, අනෙක් පුද්ගලයා ගිල දමා තිබූ කොකේන් ගුලි 72ක් ඉවත් කර තිබෙනවා.
තවමත් ඔවුන් මීගමුව රෝහලේ රදවා සිටින අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කළ ඉල්ලීමකට අනුව, සැකකරුවන් දින 7ක් රදවාගෙන ප්‍රශ්න කිරීමටයි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී ඇත්තේ.

(ඡායාරූප- ටි.කේ.ජි කපිල)