Gossips

ආණ්ඩුව පෙරළන්න ඇමරිකාවෙන් ගත් මුදල් ගැනත් සොයන්න – හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශීල්පී රෝයි ද සිල්වාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් අද එක්වුණා.
එම අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමාට සහ චීනයට මඩ ගැසීම සඳහා නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ පුවත යොදා ගන්නා බවයි.
එමෙන්ම පසුගිය ආණ්ඩුව පෙරළීම සඳහා ඇමරිකාවෙන් මුදල් ලබාගෙන ඇති බවත්, ඒ පිළිබදව ද පරීක්ෂණයක් සිදුකළ යුතු බවටයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.