Gossips

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වෝහාරික විගනණයක් ඇරඹේ – විගණකාධිපති

පසුගිය දශකය තුළ සිදුවූ බව පැවසෙන බැඳුම්කර වංචා සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් ආරම්භ කිරීමට මහබැංකුව කටයුතු කරමින් සිටින බව විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ පවසනවා.
විගණකාධිපතිවරයා අද පෙරවරුවේ දළඳා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දුටු අතර, පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
ලබන සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාතික විගණන පනත් කෙටුම්පත පිළිබඳව ආශිර්වාදය ලබා ගැනීම සඳ හා විගණකාධිපතිවරයා මල්වතු – අස්ගිරි පාර්ශවයේ මහානාහිමිවරුන් බැහැදුටුවා.
විගනකාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් හමුවී ජාතික විගණන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වුණා.