Gossips

ඩුප්ලෙසි අයි.සී.සී.යෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි

පන්දුව පළුදු කිරීමට දැඩි දඬුවම් නියම කළ යුතු වුවද, ඒ සඳහා යොදා ගන්නා කෘත්‍රිම ද්‍රව්‍ය කුමක් ද යන්න ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් නිසි ලෙස අර්ථ දැක්විය යුතු බව දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩුප්ලෙසි පවසනවා.
පන්දුව පළුදු කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට කොදෙව් චාරිකාවේ තුන්වන ටෙස්ට් තරඟය අහිමි වූ අතර, දකුණු අප්‍රිකානු තරගාවලිය ද අහිමිවීමේ අවදානමක් පවතිනවා.
ශ්‍රී ලංකාවට පැමිණෙන දකුණු අප්‍රිකානු පිළේ නායක ඩුප්ලෙසි දෙවරක් පන්දුව පළුදු කිරීමේ චෝදනාවලට වරදකරු වූ අතර, ඔහු ද මින්ට් වර්ගයේ ටොෆියක් මුවේ රුවා කෙළ ගසා පන්දුව පිරිමැදීමෙන් හැඩය වෙනස් කළ බවටයි චෝදනා එල්ල වූයේ.
එහිදී ඔහුට තරඟ ගාස්තුවෙන් සියයට සියයක දඩයක් නියම වුවද තරඟ අහිමි වූයේ නැහැ.
මේ අතර අද පස්වරුවේ ශ්‍රී ලංකා සංචාරයට එක්වන දකුණු අප්‍රිකා කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියා.