Gossips

කරුණු ලබාදුන් මෙරට මාධ්‍යවේදීන් දෙදෙනා ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිලිබඳව නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ලිපියට තොරතුරු ලබාදුන් බව කියන මෙරට මාධ්‍යවේදීන් දෙදෙනා පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර ප්‍රකාශ කළා. මාතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
මේ අතර, අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ද නිවේයෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ වුණා.
එහිදී පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ අදාළ ලිපිය රජයේ අනුග්‍රහය මත සිදුවූවක් බව පැහැදිලි වන බවයි.