Gossips

මීගොඩදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි

තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් මීගොඩ ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මීගොඩ දික්හැතැප්ම හේනවත්ත විහාර මාවත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක්.
ඝාතනයට ලක්ව ඇති කාන්තාව දියණියන් දෙදෙනෙකුගේ මවක් වන අතර ඇයගේ සැමියා විශ්‍රාමික හමුදා නිලධාරියෙක් බවටයි වාර්තා වන්නේ.
අද අලුයම කිසියම් කටයුත්තකට නිවසින් පිටත්ව යන බව පවසා තම දියණිය නිවසින් පිටතට පැමිණි බවයි මියගොස් ඇති කාන්තාවගේ මව ප්‍රකාශ කරන්නේ.
එහිදී එක්වරම ඇසුණු කෑ ගැසීමේ ශබ්දයත් සමඟ නිවසින් පිටතට පැමිණ සෝදිසි කිරීමේදී මියගොස් බිම වැටී සිටි තම දියණිය දුටු බවයි ඇයගේ මව පවසා ඇත්තේ.
කෙසේ වෙතත් ඝාතනය සිදුකළ සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
මීගොඩ පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.