Gossips

කොස්වත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ලකයි

බත්තරමුල්ල – කොස්වත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එහි තිබූ මුදල් හා රන් ආභරණ කොල්ල කා නිවසේ තිබූ බෙන්ස් වර්ගයේ මෝටර් රථයකින් පළා ගොස් තිබෙනවා.
කොල්ලකරුවන් නිවසේ සිටි ව්‍යාපාරිකයා, ඔහුගේ පුත්‍රයා සහ තවත් පුද්ගලයෙකු බැඳ දමා මෙම කොල්ලකෑම සිදුකර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ මෝටර් රථය ඇහැලියගොඩ – උඩුමත්ත පාසල අසළ දමා ගොස් තිබියදි අද දහවල් සොයා ගත් බවයි.