Gossips

අභාවප්‍රාප්ත ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්‍ෂ රෝයි ද සිල්වාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත ප්‍රවීන සිනමා නළු, චිත්‍රපට අධ්‍යක්‍ෂ රෝයි ද සිල්වාගේ දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (02) අවසන් ගෞරව දක්වනු ලැබුවා.
දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල් ශාලාව වෙත ගිය ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ වන සිනමා නිළි සුමනා අමරසිංහ වෙත සිය ශෝකය ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.
අභාවප්‍රාප්ත රෝයි ද සිල්වාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පී අතුල සෝමසිරිගේ සහ ප්‍රවීන නාට්‍යවේදී එස්. කරුණාරත්නගේ දේහයන්ටද ජනාධිපතිවරයා අද අවසන් ගෞරව දක්වා තිබෙනවා.