Gossips

හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 18 ක් සමග අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණයෙන් අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා.
මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මෙලෙස දඩුවම් නියම කළේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටයි.
හෙරොයින් සන්තකයේ තබා ගැනිම, ජාවාරම් කිරිමේ චෝදනා මත සැකකරු 2010 වසරේ පෙබරවාරි මස 28 වනදා පැලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
මේ අතර, පොසොන් සතිය තුළ මත්පෙති අලෙවි කළ පුද්ගලයෙකුට මසක බරපතල වැඩ සහිත සිර දඩුවමක් තඹුත්තේම මහේස්ත්‍රාත් රමිලා නදීශානි අද නියම කළා.
සුරාබදු නිලධාරීන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ එප්පාවල – රත්නෙල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවයි.