Gossips

සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂකයින් අද සිට දුම්රියේ

දුම්රිය මැදිරි තුළ සිදුකරන විනාශකාරී ක්‍රියාවන් වැළැක්වීම සඳහා අද සිට සිවිල් ඇඳුමින් සැරසී සිටින දුම්රිය ආරක්ෂක නිලධාරින් යොදවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.
එවැනි ක්‍රියාවල යෙදෙන මගීන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නඩු පවරන බවයි ඔහු සඳහන් කළේ.
දේශීය නිෂ්පාදකයින් විසින් නවීකරණය කරන ලද මැදිරි 10 කින් යුත් විශේෂ දුම්රියක් අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ සිට මාතර බලා ධාවනය කෙරුණු අතර එම උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.