Gossips

කාන්තාවක් මැරූ ඇතා අල්ලයි (ඡායාරූප)

පුත්තලම – කොට්ටුකච්චිය – කිවුල ප්‍රදේශයේදී කාන්තාවක් මරා දැමූ අඩි නවයක් පමණ උසැති ඇතා කල්ලඩිය – සිමෙන්තිගම ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී වනජිවි නිලධාරින් නිර්වින්දනය කර අල්ලා ගෙන තිබෙනවා.
පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරින් විසින් මෙම ඇතා අල්ලා ගෙන ඇති අතර හෙට දිනයේදී යාල ජාතික වනෝද්‍යානයට රැගෙන යාමට නියමිතයි.
එමෙන්ම කුරුණෑගල – කැප්පෙටිපොල ප්‍රදේශයේ සිදුකළ අලි මෙහෙයුමකින් පලා ආ වන අලියා මේ වන විට මාවතගම – බරන්දන රත්තැටි උයන ආශ්‍රිත වනයක රැදි සිටින බව වනජිවි නිලධාරින් ප්‍රකාශ කළා.
රඹුක්කන – හලාගිරිය ප්‍රදේශයට පැමිණි අලියා පලවා හැරිමට වනජිවි නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව විශේෂ මෙහෙයුම ඊයේ ආරම්භ කළ අතර එය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඡායාරූප – පුත්තලම, හිරාන් ප්‍රියංකර