Politics Sri Lanka

ඡන්ද 10,155කට වෙච්ච දෙයක් නෑ

ඡන්ද 10,155කට වෙච්ච දෙයක් නෑ

මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළ මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 10,155ක පමණ ඡන්ද ප්‍රමාණයකට සිදුවූ දෙයක් නොමැති බව එහි නිල ඡන්ද ප්‍රතිඵලය නිරීක්ෂණය කිරීමේදී පෙනීයයි.

කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 24,290ක් වන අතර එහි වලංගු ඡන්ද සංඛ්‍යාව 24,048කි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අද අලුයම 2.38ට නිකුත් කරන නිල ප්‍රතිඵලය අනුව සියලුම පක්ෂවලට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 13,893කි. ඉතිරි ඡන්ද 10,155ට සිදුවූ දෙයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.