Gossips

තායිලන්තයේ ලෙනක සිරවූ පාපන්දු කණ්ඩායම සොයා තවදුරටත් මෙහෙයුම්

සතියකට අධික කාලයක් උතුරුදිග තායිලන්තයේ චියංරායි ප්‍රදේශයේ වනගත ලෙනක අතුරුදන් වූ යොවුන් පාපන්දු කණ්ඩායම සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
පසුගිය 24 වනදා සිට මෙලෙස අතුරුදන්ව ඇත්තේ ළමයින් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු වන අතර, එම ලෙන සැළකෙන්නේ තායිලන්තයේ දෙවන දීර්ඝතම ලෙන ලෙසයි.
ආහාර නොමැතිව පුද්ගලයෙකුට ජීවත්විය හැක්කේ දින 8 ක කාලයක් පමණක් බැවින් ඔවුන් අවදානම් සහගත අවධියක මේ වනවිට පසුවිය හැකි බව එරට විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙනවා.
මේ වනවිට එම ප්‍රදේශයට බලපා ඇති අධික වැසි හේතුවෙන් එම ලෙන ජලයෙන් යටවී ඇති අතර, එම ජලය ඉවත්කීරීමේ කටයුතු ආරක්ෂක අංශ විසින් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.