Gossips

මාතර කොල්ලයේ සැකකරුවන් පලාගිය මෝටර් රථය සොයා ගනී

මාතර ස්වර්ණාභරණ කොල්ලය සඳහා පැමිණි සැකකරුවන් පලාගිය මෝටර් රථය මෝරගහහේන – තලගල ප්‍රදේශයේදී අද අලූයම සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මෝටර් රථය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.
ත්‍රීරෝද රථ රියදුරෙකු වන මෙම පුද්ගලයාගේ බිරිඳගේ නමට අදාළ මෝටර් රථය ලියාපදිංචි කර ඇති බවයි මූලික විමර්ශණවලදි අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම සැකකරු මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේ දී පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ කොස්ගොඩ තාරක නැමැත්තා සමඟ සමීප හිතවත්කමක් පවත්වාගෙන යන අයෙකු බව ද පොලිසිය පවසනවා.
මෙම කොල්ලය සැළසුම් කර ඇත්තේද ත්‍රිරෝද රථ රියදුරා පදිංචි හොරණ – මොරගහහේන – තලගල නිවසේදී බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.