Gossips

ජ.වි.පෙ.ට විස්ස ගෙන ඒමට නොහැකි වෙලා – වාසු

බහුතරය නොමැති වීමෙන් ජනතා විමුක්ති පෙරමුණට 20 වන සංශෝධනය ගෙන ඒමට නොහැකි වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මේ බව කියා සිටියේ ‘‘රටට හතුරු 20 එපා’’ යන මැයෙන් රට රකින ජන පවුර සංවිධානය, රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
ඔහු එහිදී ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ බලපෑම මත ජනතා විමුක්ති පෙරමුණ 20 වන සංශෝධනය ගෙන ඒමට කටයුතු කර ඇති බවයි.