Gossips

ඌරුබොක්කේදී පිහි ඇනුමකින් කාන්තාවක් මරුට – සැකකරුත් සියදිවි හානිකරගනී

ඌරුබොක්ක – ගල්බොක්ක ප්‍රදේශයේදී පුද්ගලයෙකු නිවාස දෙකකට බලහත්කාරයෙන් ඇතුලුවී සිදුකළ පිහි ඇනුමකින් එක් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පිහි ඇනුම සිදුකළ 40 හැවිරිදි පුද්ගලයාද සියදිවි හානිකරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි බෙරලපනාතර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර, තුවාල ලැබූ අවුරුදු 32 සහ 64 යන වයස්වල පසුවන කාන්තාවන් එකම පවුලේ දියණිය සහ මව වනවා.
ඊයේ රාත්‍රී (01) 7.30 පමණ මෙම පිහි ඇනුම සිදුව ඇති බවයි ඌරුබොක්ක පොලිසිය ප්‍රකාශ කළේ.
පිහි ඇනුම සිදුකළ සැකකරු මානසික රෝග තත්ත්වයකින් පෙළෙන අතර එය උත්සන්න වීමෙන් මෙම පිහි ඇනුම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.
මොහු පසුගිය වසරේ මාර්තු මාසයේදී ද පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදි ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මානසික රෝහල වෙත යොමු කර තිබෙනවා.