Gossips

ඉතිහාසයේ පළමු වරට රුසියාව ලෝක කුසලාන පාපන්දු තරඟාවලියක අර්ධ අවසන් පූර්ව වටය

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන වටයේ තවත් උණුසුම් තරගයක් මීට ටික වෙලාවකට පෙර අවසන් වුණා.
ඒ, සත්කාරක රුසියාව සහ ස්පාඤ්ඤය අතර, තරගය ආරම්භයේ පටන්ම කණ්ඩායම් එකම කරට කර සටනක නිරත වුණා.
පළමු අර්ධය අවසන් වුණේ කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබාගෙන සිටියදී.
දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට හැකිවුණේ නැහැ.
මේ නිසා තරගය අතිරේක කාලය දක්වා දිග්ගැස්සුණා.
ලෝක කුසලාන පාපන්දු තරගයක් අතිරේක කාලයක් දක්වා දිග්ගැස්සුණේ 2010 වසරෙන් පසුවයි.
අතිරේක කාලයේදී ද කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට නොහැකි වීම විශේෂත්වයක් වුණා.
ඒ අනුව දෙවන අතිරේක කාලය දක්වා තරගය ක්‍රියාත්මක කරන්නට විනිසුරුවන්ට සිදුවුණේ අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය වෙන්කරගන්නා කණ්ඩායම තීරණය කර ගැනීම සදහායි.
කෙසේ නමුත් දෙවන අතිරේක කාලයේද කණ්ඩායම් දෙකම ගෝල ලබා නොගැනීම නිසා තරගය තවත් උණුසුම් වුණා.
අවසානයේ විනිසුරුවන්ට සිදුවුණේ දඩුවම් පහර මගින් තරගයේ තීරණයක් ලබා ගන්නයි.
ඒ අනුව දඩුවම් පහර කණ්ඩායම් දෙකම පළමු දඩුවම් පහර දෙකම සාර්ථක කර ගත් අතර තුන්වන දඩුවම් පහර ස්පාඤ්ඤය අතින් ගිලිහී ගියා.
ඉන් උපරිම ඵල නෙලාගත් රුසියාව සිය තුන්වන දඩුවම් පහර සාර්ථක කර ගනිමින් තරගයේ වාසිය සියතට ගත්තා.
අනතුරුව ලැබුණු සිව්වන දඩුවම් පහර කණ්ඩායම් දෙකම සාර්ථක කර ගත අතර විනාඩි 130 ක් පුරාවට ඇදී ගිය තරගයට තීරණයක් ලැබුණේ යළි ස්පාඤ්ඤ ක්‍රීඩකයින් සිය අවසන් දඩුවම් පහර ඉතා දක්ෂ ආකාරයෙන් වළක්වා ගන්නට රුසියානු දැල රකින්නා කටයුතු කිරීමත් සමගයි.
ඒ අනුව ඉතිහාසයේ පළමු වරට රුසියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.