Gossips

හරියානා ප්‍රාන්තයේ භූ කම්පනයක්

උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ මගී බස් රථයක් මීටර් 200ක ප්‍රපාතයකට පෙරළී අද සිදුවූ අනතුරකින් පුද්ගලයන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රපාතයට පෙරලෙන අවස්ථාවේදී බස් රථයේ 50 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, 45 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
බෝවාන් නගරයේ සිට රාම්නගර් වෙත ගමන් ගත් බස් රථය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
මේ අතර, ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ අද පස්වරුවේ රික්ටර් පරිමාණයේ 4.7ක භූ කම්පනයක් සිදුවුණා.
මෙම භූ කම්පනය නවදිල්ලිය, කාශ්මීර් සහ උත්තර් ප්‍රදේශ්වලට ද දැනී ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.