බ්‍රසීල ජාතිකයන් දෙදෙනෙකු විසින් ගිල දමා මෙරටට ගෙන එනු ලැබූ කොකේන්වල වටිනාකම රුපියල් ලක්ෂ 230ක් බවට හෙළිව ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.
ඊයේ (30) සහ අද (01) දෝහා කටාර් සිට එමිරේට් ගුවන් සමාගමේ යානාවලින් මෙරටට පැමිණි මෙම බ්‍රසීල ජාතිකයන් ගිල දමා තිබූ කොකේන් ගුලි 103ක් මීගමුව මහරෝහලේ වෛද්‍යවරුන් විසින් පිටතට ගෙන තිබෙනවා.
මෙම කොකේන් ගුලිවල බර ග්‍රෑම් 900ක්.
ඊයේ අත්අඩංගුවට ගත් 30 හැවිරිදි බ්‍රසීල ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසුව දින 7ක රැදවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.
එමෙන්ම අද උදෑසන අත්අඩංගුවට ගත් අනෙක් බ්‍රසීල ජාතිකයාගේ වයස අවුරුදු 24ක්.