Gossips

මාලිංගගේ වේග පන්දුව 20-20 පිටියේ වැඩ පෙන්නද්දී, ජයග්‍රහණයට අවාසනාව හරස් වෙයි

කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (30) පැවති තරඟයකින් සී.ඩබ්ලිව්.අයි – බී කණ්ඩායම කඩුලු 02ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
ඒ ලසිත් මාලිංග නායකත්වය දරණ මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායම පරාජය කරමින්.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 09කට ලකුණු 184ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී මොන්ට්‍රේල් පිළ වෙනුවෙන් ශිකන්දර් රාසා ලකුණු 48ක් රැස් කළ අතර ආරම්භක පිතිකරු සුනිල් නරායන් ලකුණු 28ක් රැස් කළා.
පන්දු යැවීමේදී සී.ඩබ්ලිව්.අයි – බී පිළ වෙනුවෙන් ඔබ්ඩ් මැකෝයි සහ ජෙරෙමයා ලුවී මොන්ට්‍රේල් කඩුලු 03 බැගින් බිඳ දැමුවා.
ලකුණු 185ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සී.ඩබ්ලිව්.අයි පික්තිකරුවන් එම ඉලක්කය පන්දුවාර 19යි එක් පන්දුවක් තුල පසුකර ගියේ කඩුලු 08ක් පමණක් දැවී තිබියදී.
එහිදී වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය පන්දුවාර 04 තුල ලකුණු 32කට කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වූ අතර පීටර් සිඩ්ල් ද සී.ඩබ්ලිව්.අයි කඩුලු 02ක් බිඳ දැමුවා.
සී.ඩබ්ලිව්.අයි පිළ ජයග්‍රහණයකරා රැගෙන ගිය නිකලස් පොරන් ලකුණු 58ක් සහ බ්‍රැන්ඩන් කිං ලකුණු 56ක් රැස් කිරීමට සමත් වුණා.
මේ අතර ලසිත් මාලිංග නායකත්වය දරණ මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායම මෙම තරඟාවලියේ සහභාගී වූ පළමු තරඟයද පසුගිදා (29) අවාසනාවන්ත ලෙස පරාජයට පත් වුණා.
එම තරඟයේ ද මාලිංග කඩුලු 02ක් බිඳ දැමුවේ නියමිත පන්දුවාර 04 තුල ලකුණු 19ක් පමණක් ලබා දෙමින්.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.