ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ප්‍රකාශ කළා.
ඒ, එරට ජාතික මැතිවරණ කොමිසම විසින් ඔහු ජනාධිපතිවරණය සඳහා නුසුදුුස්සෙකු බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.
මාලදිවයිනේ ප්රජාතන්ත්රවාදී මැතිවරණයකින් තේරී පත්වූ ප්‍රථම නායකයා වන මොහොමඩ් නෂීඩ් දැනට ශ්‍රී ලංකාවේ ජීවත්වන අතර, ඔහු සිය පාක්ෂිකයන් වෙත තම තීරණය දැනුම්දී තිබෙනවා.
වත්මන් පරිපාලනය විසින් මොහොමඞ් නෂීඞ්ට එරෙහිව ත්‍රස්තවාදී චෝදනා එල්ල කොට 2015 වසරේදී වසර 13 ක සිර ද`ඩුවමක් නියම කළා.
කෙසේ නමුත් එම තීන්දුව දැඩි සේ විවේචනයට ලක්වූ අතර, මොහොමඩ් නෂීඩ්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ සළසන ලෙස ජගත් මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීමද ජනාධිපති අබ්දුල්ලා යමීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මොහොමඩ් නෂීඩ් 2016 වසරේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා බ්‍රිතාන්‍යයට යාමට අවසර ලබාගත් අතර, ඉන් පසු ඔහුට එහි දේශපාලන රැකවරණ හිමිවුණා.