ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් වටයේ කණ්ඩායම් 16 අතර තරග ඊයේ ආරම්භ වූයේ ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙකු තරගාවලියෙන් ඉවත් කරමින්.
පළමු තරගයේදී ලියොනල් මෙසීගේ ආජන්ටිනා කණ්ඩායම ප්‍රංශය වෙතින් ගෝල හතරට – තුනක් ලෙස පරාජයට පත්වුණා.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පෘතුගාල කණ්ඩායම ඉන් අනතුරුව ලතින් ඇමරිකානු උරුගුවේ කණ්ඩායම වෙතින් ගෝල දෙකට එකක පරාජයක් ලැබුවා.
ඒ අනුව ප්‍රංශය සහ උරුගුවේ ලබන සිකුරාදා පැවැත්වෙන අර්ධ අවසන් වටයේ පළමු තරගය සඳහා සුදුසුකම් ලබනවා.
කණ්ඩායම් දහසයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙන අතර පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක රුසියාව සහ ස්පාඤ්ඤය අතරයි.
දෙවන තරගය ක්‍රොඒෂියාව සහ ඩෙන්මාර්කය අතර පැවැත්වෙනවා.