Gossips

තෙල් නිෂ්පාදනය වැඩි කරන්නැයි ට්‍රම්ප් සෞදි රජුගෙන් ඉල්ලයි

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම නිසා එම මිල සමනය කිරීමේ පියවරක් ලෙස තෙල් නිෂ්පාදනය ඉහළ නංවන්නැයි තමා සෞදි අරාබියේ සල්මාන් රජුගෙන් ඉල්ලා සිටි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඉරානය සහ වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනය අඩාල වීම නිසා මෙම තත්ත්වය පැන නැගී ඇති බවයි ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ නෙමුත් පසුගිය සතියේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75 ඉක්මවූයේ ට්‍රම්ප් පරිපාලනය විසින් ඉරානයට නව සම්බාධක පැනවීමට සැරසීමත් සමඟයි.
දිනකට තෙල් බැරල් මිලියන දෙකකින් නිෂ්පාදනය ඉහළ නංවන ලෙස තමා කළ ඉල්ලීම සල්මාන් රජු පිළිගත් බවත්, ජනපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්.