Gossips

ප්‍රවීන සිනමාකරු රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන සිනමා නළු සහ චිත්‍රපට අධ්‍යක්‍ෂ රෝයි ද සිල්වා වයස අවුරුදු 80 ක්ව සිටියදී ඊයේ රාත්‍රියේ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1964 වසරේ සුජාගේ රහස චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු රෑ දනියෙල් – දවල් මිගෙල්, සහ චෙරියෝ චිත්‍රපට පෙළ මගින් මෙරට වානිජ සිනමා කර්මාන්තයේ සාර්ථකත්වයට දායකත්වය සැපයූවා.
1972 වසරේදී ඔහුගේ ‘‘සුජීවා’’ චිත්‍රපටය, එවකට ආදායම් වාර්තා පිහිටුවා තිබූ ගාමිණී ෆොන්සේකා රඟපෑ එදත් සූරයා – අදත් සූරයා අභිබවා යාම විශේෂත්වයක්.
1937 වසරේ අගෝස්තු 30 වනදා උපත ලැබූ ඔහු විවාහ වූයේ සිනමා නිළි සුමනා අමරසිංහ සමඟයි.
ටොම් පචයා, හිත හොඳ කොල්ලෙක්, සැළමුතු පින්න සහ ‘‘ඉට්ස් අ මැටර් ඔෆ් ලව්’’ ඇතුලූ චිත්‍රපට 30කට අධික සංඛ්‍යාවක් රෝයි ද සිල්වා විසින් අධ්‍යක්‍ෂණය කරනු ලැබුවා.