Gossips

කාලගුණයෙන් දැනුම්දීමක්

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරුමැද සහ සබරගමුව පළාත්වලට මෙන්ම වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 30 ක් 35 ක් පමණ වනවා.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45 ක් පමණ දක්වා වැඩිවිය හැකියි.