යාපනය – රාමනාදන් වීථියේ ආවා කල්ලියේ හිටපු සාමාජිකයෙකුගේ නිවසට ඊයේ (29) රාත්රියේ ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
නිවසේ හිමිකරු පොලීසියට පැමිණිලි කර ඇත්තේ ධනුරොක් කල්ලියේ පිරිසක් මෙම පහරදීම සිදුකරන්නට ඇති බවට සැක පළ කරන බවයි.
මුහුණ ආවරණය කර ගත් සිව් දෙනෙකු කඩුවක් සහ කෙටේරියක් සහිතව යතුරුපැදි දෙකකින් පැමිණ, නිවසේ ජනේලයට පහරදී නිවසේ භාණ්ඩ රැසක් ගිනි තබා විනාශ කර ඇති බව සඳහන්.
ප්රහාරය එල්ල වූ නිවසේ හිිමිකරුගේ එක් පුත්රයෙකු ආවා කල්ලියට සම්බන්ධව කටයුතු කිරීම හේතුවෙන් මේ වනවිට ඇප මත සිටින බව ද පොලීසිය සදහන් කළා.
මනිපායි ප්රදේශයේ ක්රියාත්මක ධනුරොක් කල්ලියේ සාමාජිකයෙකුගේ නිවසට පසුගිය 28 වනදා අලූයම පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල වූ අතර පොලීසිය සදහන් කළේ ආවා කල්ලිය එම පහරදීම සිදුකළ බවට සැක කරන බවයි.