Gossips

නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

පසුගිය ජනාධිපතිවරණයේදී චීනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මුදල් වැය කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අද නිවේදනයක් නිකුත් කළා.
එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ වාර්තාව හුදෙක් දේශපාලනමය පූර්ව විනිශ්චයන්ගෙන් පිරුණු සාක්ෂිවලින් තහවුරු කළ නොහැකි වාර්තාවක් බවට විවිධ පාර්ශ්වවලින් විවේචන එල්ලවන බවයි.
ශ්‍රී ලංකාව සමග සැමවිටම මිත්‍රත්වය ශක්තිමත්ව පවත්වාගෙන යාම චීනයේ අරමුණ වන අතර මෙරට නිදහස, ස්වෛරිත්වය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කරන බව චීන තානාපති කාර්යාලය පෙන්වා දෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඕනෑම රටක් මැදිහත් වීම චීනය ප්‍රතික්ෂේප කරන බව නිව්යෝක් ටයිම්ස් වාර්තාව සම්බන්ධයෙන් චීන රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.