Gossips

අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එම නගර සභාවේ ඡන්ද 6698 ක් ලැබී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 4260 ක්.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 1796 ක් ලබාගෙන තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ අම්බලන්ගොඩ නගර සභාවේ ඡන්ද 1062 කට සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණ ඡන්ද 344 කට හිමිකම් කියනවා.
මේ අනුව අම්බලන්ගොඩ නගර සභාවේ පොදුජන පෙරමුණට ආසන 10 ක් හිමිවන අතර එක්සත් ජාතික පක්ෂයට ලැබෙන ආසන සංඛ්‍යාව 6 ක්.
එක්ත් ජනතා නිදහස් සන්ධානයට ආසන 3 ක් සහ ජනතා විමුක්ති පෙරමුණට ආසන දෙකක් හිමිවනවා.