Gossips

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම පිටුපස අලියෙක් එලවයි (ඡායාරූප)

දිඹුලාගල, නවමිල්නාන ඉද්දපිච්ච වැවට යාබද ප්‍රදේශයේදී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුලු පිරිසක් පසුපස වන අලියෙකු එලවා තිබෙනවා.
වෙහෙරගල වනජීවී නිලධාරීන්, අරලගංවිල පොලිස් ස්ථානාධිපතිවරයා සහ පොලිස් නිලධාරීන් මෙම ප්‍රදේශයට ගොස් ඇත්තේ කැලෑබද ප්‍රදේශයක වැටී සිටි අලියෙකු බැලීම සඳහායි.
පිරිස එම ස්ථානයට ළඟාවන විට වැටී සිටි අලියා එක්වරම නැගී සිට පිරිස පසුපස පැන්නීමට උත්සාහ කල බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සුදු ඇඳුමකින් සැරසී සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා පසුව වෙනත් ඇඳුමකින් සැරසී අලියා සිටි ස්ථානයට ගොස් තිබෙනවා.
එහිදී අලියා වැටී සිටීමට හේතුව සොයා ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීන්ට පාලිත තෙවරප්පෙරුම මහතා උපදෙස් දුන් බව අප වාර්තාකරු කියාසිටියා.


ඡායාරූප – මනම්පිටිය නිමල් ජයරත්න