Gossips

උතුරු කොරියාව න්‍යෂ්ටික ඉන්ධන නිපදවන බවට ඇමරිකානු ඔත්තු සේවා හෙළිදරව්වක

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සඳහා ඉන්ධන නිෂ්පාදනය පසුගිය මාස කිහිපය තුළ ඉහළ නංවා ඇති බව ඔත්තු සේවා උපුටා දක්වමින් ඇමරිකානු රූපවාහිනී සේවයක් ප්‍රකාශ කරනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර රාජතාන්ත්‍රික හමුවක් සිදුවුවද උතුරු කොරියානු න්‍යෂ්ටික ඉන්ධන සැකසීම රහසිගතව සිදුකෙරෙන බව එම ඔත්තු සේවාවල අදහසයි.
කෙසේ නමුත්, ඇමරිකානු එන්.බී.සී. රූපවාහිනිය එම ඔත්තු සේවා හෙළිදරව් කර නැහැ.
ඇමරිකාව සමඟ සම්බාධක ඉවත් කර ගැනීම පිළිබදව සාකච්ඡා පවත්වන අතරතුර මෙලෙස උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන ක්‍රියාත්මක වන බවයි එමගින් සඳහන් කළේ.
උතුරු කොරියානු සමුළුවෙන් අනතුරුව ජනපති ට්‍රම්ප් කියා සිටියේ තවදුරටත් උතුරු කොරියාවෙන් න්‍යෂ්ටික තර්ජනයක් නොමැති බවයි.