Gossips

ජගත් මහලේකම් හෙට බංග්ලාදේශයට

මියන්මාරයෙන් පළා ආ හත්ලක්ෂයක් පමණ වූ රොහින්ග්‍යා සරණාගතයන් පිළිබද සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් හෙට (01) බංග්ලාදේශයට පැමිණෙනවා.
ඔහුගේ මෙම දෙදින සංචාරයට ලෝක බැංකු සභාපති ජිම් යොං කිම් ද එක්වනු ඇති.
මියන්මාරයේ රඛීනේ ප්‍රාන්තයේ ගැටුම් නිසා පළා ආ රොහින්ග්‍යා සරණාගතයන්ට රැකවරණ ලබාදීම සම්බන්ධයෙන් ජගත් මහලේකම්වරයා, අගමැතිනී ෂීක් හසීනා මුණ ගැසෙන අවස්ථාවේදී කෘත්‍යඥතාව පළ කරනු ඇති.
මෙම නියෝජිත පිරිසට ජගත් සරණාගත කොමසාරිස්වරයා සහ ජගත් සංවිධාන ජනගහන අරමුදලේ විධායක අධ්‍යක්ෂවරිය ද ඇතුළත්.
රොහින්ග්‍යා සරණාගතයන් යළි ගෞරවනීයත්වයක් සහිතව මියන්මාරයට යැවිය යුතු බවයි ජගත් සංවිධානයේ අදහස වී ඇත්තේ.