Gossips

ලෙනක අතුරුදන් වූ තායි යොවුන් පාපන්දු කණ්ඩායම සොයා තවදුරටත් මෙහෙයුම්

උතුරුදිග තායිලන්තයේ චියංරායි ප්‍රදේශයේ වනගත ලෙනක අතුරුදන් වූ යොවුන් පාපන්දු කණ්ඩායමක සාමාජිකයන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන අතර ඒ සඳහා බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු හමුදා සාමාජිකයන් ද එක්ව සිටිනවා.
තායිලන්තයේ දෙවන දීර්ඝතම ලෙන ලෙස හැදින්වෙන මෙහි යොවුන් පාපන්දු ක්‍රීඩකයන් අතුරුදන් වූයේ පසුගිය සෙනසුරාදා දිනයේදියි.
ඔවුන් පැමිණි පාපැදි ලෙන්දොර තිබූ අතර, හදිසියේම ඇති වූ වර්ෂාව නිසා ලෙන තුළට ජලය ගැලීමෙන් ඔවුන් එහි අතරමං වී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
ඩ්‍රෝන, පොලිස් සුනඛයන් සහ කිමිදුම්කරුවන් යොදා පරීක්ෂාවන් සිදුකළ ද මෙතෙක් ඔවුන් පිළිබද තොරතුරක් ලැබී නැහැ.
ජලය පිරුණු ලෙන තුළට ගමන් කිරීමේ අවදානම සහ එහි අඳුරු ස්වභාවය නිසා පරීක්ෂණ මෙහෙයුම් දුෂ්කර වී ඇති බව සදහන්.