Gossips

මැතිවරණ නිරීක්ෂකයින් විෂය භාර ඇමති හමුවීමට සැරසේ

පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පත් කළ සිවිල් සාමාජික කමිටුව සහ විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අතර හමුවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතයි.
මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දැනට හඳුනාගෙන ඇති ගැටළු සහ ඒ සඳහා වන යෝජනා සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව අදාළ සිවිල් සාමාජික කමිටුවේ සාමාජික, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
මේ අතර, පළාත් සභා මැතිවරණය දෙසැම්බරයේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් පෙරේදා මැතිවරණ කොමසාරිස්වරයා සහ කථානායකවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
ඊට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ද එක්ව සිටි අතර, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ අමාත්‍යවරයා මැතිවරණය දෙසැම්බරයේ පැවැත්වීම සම්බන්ධයෙන් පූර්ණ එකඟතාව පළ කර තිබෙනවා.
පළාත් සභා මැතිවරණය පිළිබදව විශේෂ කල් තැබීමේ විවාදයක් ද ජුලි 5 වන දා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.