කොළඹ මහනගර සභාවේ අද පැවැති සංවර්ධන කමිටු රැස්වීමකදී මහනගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකට නාගරික මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.
ඒ, කොළඹ නගරයේ කසල එක්රැස් කිරීම සහ නිවාස ව්‍යාපෘතියක් පිළිබදව අමාත්‍යවරයා අදහස් පළ කරන අතරතුරයි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන් චම්පික රණවක අමාත්‍යවරයා පක්ෂග්රාහීව කටයුතු කරන බව පවසමින් එහිදී චෝදනා කළා.