ඉන්දුනීසියාවේ අගූන් ගිනි කන්ද සක්‍රියවීම හේතුවෙන් බාලි දූපතේ පිහිටි ගුවන් තොටුපළ වසා දැමීට එරට බලධාරීන් අද පියවර ගත්තා.
විදෙස් වාර්තා සඳහන් කළේ ගිනි කන්ද සක්‍රියවීමත් සමඟ දුම් සහ අළු මීටර් 2500ක් පමණ ඉහළ අහසට විහිදී ගොස් ඇති බවයි.
මේ හේතුවෙන් ඉන්දුනීසියාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් රැසක් සිය රටවලට යාමට නොහැකිව අපහසුතාවට ලක්ව ඇති බව සඳහන්.