Gossips

ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්නැයි හිටපු ජනපති විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලයි

පළාත් පාලන මැතිවරණයට අදාළ ජයග්‍රහණ සාමකාමීව භුක්ති විඳින ලෙසට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කරනවා.
විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කර ජයග්‍රහණය කළ සියලුදෙනාට සුබ පැතුම් පළ කරන බව ද හිටපු ජනාධිපතිවරයා කියාසිටියා.
එමෙන්ම සහය දැක්වු පක්ෂවලට මෙන්ම කැපවී සේවය කළ සියලුදෙනාට ස්තුතිය පළ කරන බවයි ඔහු කියාසිටියේ.
පරාජයට පත්වුවන්ට හිරිහැර කිරීමෙන් තොරව ආදර්ශමත්ව සාමකාමීව ජයග්‍රහණය භුක්ති විඳින ලෙසටයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ විශේෂ ප්‍රකාශය පහතින්.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද හිරු නිව්ස් වෙත මෙලෙස අදහස් පළ කළා.