Gossips

යුරෝපා සංගමයෙන් සංක්‍රමණිකයන්ට සුබ පුවතක්

තම රටවල තාවකාලික සංක්‍රමණික මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට යුරෝපා සංගමයේ නායකයින් එකඟත්වයකට පැමිණ තිබෙනවා.
බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගමයේ නායකයින් පැය 10 කට අධික කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අදාළ සංක්‍රමණික මධ්‍යස්ථානවලට ඇතුළත් කර ගන්නා සංක්‍රමණිකයින් පිළිබඳ සොයා බැලීමකින් පසු වංචනිකව පැමිණෙන සරණාගතයින් නොවන පිරිස් නැවත පිටුවහල් කිරීමට ද එහිදී තීරණය වී තිබෙනවා.
එමෙන්ම, සංක්‍රමණිකයින්ට ආධාර ලබාදීමට ද යුරෝපා සංගමයේ නායකයින් මෙහිදී කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයක්.