Gossips

පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප්‍රධානියා ජනපති හමුවෙයි

සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප්‍රධානී ජෙනරාල් සුහායිර් මහ්මුද් හයාත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සාකච්ඡාකර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පොළොන්නරුව නිල නිවසේදී ඊයේ (28) මෙම සාකච්ඡාව සිදුවූ බවයි.
මෙහිදී පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර සිදුවන යුද හමුදා පුහුණු කටයුතු පිළිබදව විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.
එමෙන්ම, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්ගේ පුහුණුව සදහා කොල්ලුපිටියේ ඉදිවන ආරක්ෂක විද්‍යාලයේ කටයුතු සදහා දක්වන සහය පිළිබදව ද ජනාධිපතිවරයා මෙහිදී ඔහුට ස්තූතිය පළ කර ඇති බව සදහන්.