Gossips

පක්ෂ පාට නොමැතිව පාතාලය මර්දනය කරන බව අධිකරණ ඇමතිනිය කියයි

පාතාල ක්‍රියාකාරකම් මර්දනයට පොලිසිය සහ අධිකරණය ඒකාබද්ධව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල පවසනවා.
පාතාලය මර්දනය කිරීමට කටයුතු කරමින් පවතින අතර ඊට පක්ෂයක්, පාටක් හෝ ආගමක් නොමැති බවයි අමාත්‍යවරිය අවධාරණය කළේ.
වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණයකට එක්වෙමින් තලතා අතුකෝරල කියාසිටියේ බන්ධනාගාර නිලධාරීන්ගේ ද වගකීම් නිසි පරිදි ඉටු විය යුතු බවයි.
බන්ධනාගාරය පිළිබඳ බරපතල විවේචනය පවතින අතර ඉන් මිදී යහපත් මගකට එම ආයතන යොමු කළ යුතු බව ද අධිකරණ අමාත්‍යවරිය ප්‍රකාශ කළා.
ඇතැම් බන්ධනාගාර සිර මැදිරි තුළ සිදුවන දෑ පිළිබඳ පොලිසිය තොරතුරු ලබාදී ඇති අතර ඒ පිළිබඳ පවතින්නේ කණගාටුදායක තත්වයක් බවයි තලතා අතුකෝරල සඳහන් කළේ.
සිරකරුවෝ ද මනුෂ්‍යයෝය යන්න සිතේ තබා ගනිමින් කටයුතු කළ යුතු බව ද ඇය පෙන්වා දෙනවා.